ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවති තරගයේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.
පාකිස්තානය සමග පැවැති අදාළ තරගයේ දී පන්දු රකිමින් සිටියදීයි තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක් වුණේ.
ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කරමින් කණ්ඩායම වෙනුවෙන් සිදු කළ කැපවීම සියල්ලන්ගේම ඇගයීමට ලක් වූ සිදුවීමක් බවට පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේ ඔහුගේ ආබාධ තත්ත්වය හදුනා ගැනීම සදහා ඔහුව ඊයේ දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට කටයුතු කරන බවයි.
එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිපල අනුව ඔහුට අවසන් තරගය ක්‍රීඩා කළ නොහැකි බව අනාවරණය වී තිබෙනවා.
තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
අවසන් මහා තරගය හෙට (17) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

