Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රේල් පාරේ නිදා සිටි පුද්ගලයාට අත්වුණු අවාසනාවන්ත ඉරණම

3 years ago

අනුරාධපුරයේ සිට කොලොන්නාව දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් දුම්රිය මාර්ගයේ නිදා සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහව පොලීසිය සදහන් කරයි.

15 වෙනිදා රාත්‍රී 11.15 ට පමණ මහව – මඩපොකුණ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

දුම්රිය මාර්ගය මැද නිදාගෙන සිට ඇති අදාළ පුද්ගලයා දුම්රියට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පැවසීය.

මිය ගොස් ඇත්තේ මහව – මඩපොකුණ පදිංචිව සිටි තාහීර් ෆාසීල්(අවු:26) නම් වූ අයෙකි.

මෙම මරණය සිය දිවි නසාගැනීමක්ද,එසෙත් නැත්නම් වෙනත් හේතුවක් මත සිදුවූ එකක් යන්න සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන බව මහව පොලීසිය කියයි.