Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා පිල ක්‍රිකට් වාර්තා අලුත් කරයි

3 years ago

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ලකුණු නොලබාම දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 17කටත් පැතුම් නිස්සංක ලකුණු 2කටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගිය අතර විශිෂ්ට පන්දු යැවීමක නිතර වු මොහොමඩ් සිරාජ් ලකුණු 13කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණි.

හර්දික් පාණ්ඩ්‍යා කඩුලු තුනක් සහ ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.

මෙය ඉතිහාසයට එක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයකදී රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව 2012දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති තරගයකදී රැස් කළ අතර එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩාය ලකුණු 43කට දැවී ගියේය.