Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආසියානු කුසලානයේ ක්‍රීඩාංගන සේවකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් හා මොහොමඩ් සිරාජ්ගෙන් සුවිශේෂි මුදල් ත්‍යාග

3 years ago

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන අතර තුර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා විසින් සිය නිල එක්ස් (ට්විටර්) ගිණුමට සටහනක් එක්කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහි ඔහු සඳහන් කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නිල නොලත් වීරවරයන් වන ක්‍රීඩාංගණ සේවකයින්ට විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවයි.

ඒ, අනුව ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින් වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ මොහොමඩ් සිරාජ්ද තමන් හට ලැබුණු ඩොලර් 5000ක මුදල ක්‍රීඩාංගන සේවකයින් හට පිරිනමනු ලැබූවා.