Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණිය පෙම් ඇරයුම ප්‍රතික්ෂේප කිරීමේ කෝපය තරුණායා බෝම්බයකින් පිට කරයි! 5ක් රෝහල්ගත කරයි!

3 years ago

ඒක පාර්ශ්වීය පෙම් සබදතාවයකට තරුණිය හා ඇගේ දෙමව්පියන් කමැත්ත පල නොකිරීම නිසා යාපනයේ තාවඩි ප්‍රදේශයේ නිවසකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙකු තුවාල ලබා 16 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

යාපනයේ තාවඩි වන්නිසිංහම් පාරේ පිහිටි මෙම නිවසේ සිටි තරුණියක් පිළිබදව යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේ තරුණයෙකුට සිතක් පහල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

තරුණියගෙන් මේ පිළිබදව විමසූ අවස්ථාවේදී ඇය ඊට අකැමති වී ඇති අතර පසුව එම තරුණයා තරුණියගේ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරමින් තරුණිය විවාහ කොට දෙන ලෙස යෝජනා කොට තිබෙනවා.

එම යෝජනාවටද සියළු දෙනා විරුද්ධ වීමෙන් පසුව තරුණයාගේ යහලුවන් පිරිසක් සමග පැමිණ එම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට තඇති බවයි වාර්තා වෙන්නේ.

එම ප්‍රහාරයෙන් නිස නිවසේ සිටි පස් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර නිවසටද නිවසේ නතර කොට තිබූ ත්‍රී රෝද රථයකට හා යතුරු පැදියකටද අලාභ හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.