Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිරිය කොළඹ ගිය තරහට දරු දෙදෙනාට වස දමා කන්න දුන් පියා

3 years ago

තම දරුවන් දෙදෙනාට වස පොවමින් තමන්ද වස පානය කළ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් පූඩළුඔය හැරෝවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු තම 11,8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට කෑම වලට වස දමා ඔහුද වස පානය කිරීම හේතුවෙන් තිදෙනාම අසාධ්‍ය තත්වයෙත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

සැකකරුගේ බිරිඳ ඔහුට නොදන්වා රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට පිටව යාම හේතුවෙන්, සිත් තැවුලට පත් සැකකරු මෙලෙස දරුවන්ට වස දී තමාත් වස පානය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියෙන් සැකකරු සහ ඔහුගේ දරු දෙදෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වන අතර පූඩළුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.