ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වනවා.
අදාළ ක්‍රිකට් බලධාරීන් මේ සම්බන්ධයෙන් ඊයේ වන විට දීර්ඝ ලෙස සාකච්ඡාවට ගෙන ඇතැයි වාර්තා වන අතර අද දිනයේ දසුන් වෙත එම තීරණය දැනුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කණ්ඩායමේ නව නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පැවරීමට නියමිත බව පැවසෙනවා.
ඉකුත් සමයේ ක්‍රීඩයෙක් ලෙසින් කණ්ඩායමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීමට නොහැකිවීම මේ ඉවත් කිරීමට මූලික හේතුව වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එසේ වුවද නායකයකු ලෙසින් දසුන්ගේ ප්‍රතිඵල කැපී පෙනෙන අතර එක්දින තරග 39කට නායකත්වය ලබාදී ඇති ඔහු ඉන් තරග 23ක් ජයග්‍රහණය කර ජයග්‍රාහී ප්‍රතිශතය 58.97% ක් ලෙස සටහන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජයන් රැල්ලට පසුව 2021දී එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් වෙත භාරවූ අතර මෙරට වැඩිම අඛණ්ඩ එක්දින ජයග්‍රහණ මාලාව වාර්තා කිරීම, තිස් වසරකට පසු ශ්‍රී ලංකාවේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක් ලබාදීම, අට වසරකට පසු පිට පිටම එක්දින තරගාවලි තුනක් ජයගැනීමට සමත්වීම ආදී කැපී පෙනෙන අවස්ථා රැසක් ඔහුගේ නායකත්වය යටතේ වාර්තා විය.
යම් හෙයකින් නායකත්වයෙන් ඉවත් කෙරුනිද, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දසුන් ලෝක කුසලාන සඳහා වන සංචිතයට දසුන් ඇතුළත් වීමේ වැඩි ඉඩක් ඇත.

