වසර 17කට පෙර තිස්සමහාරාමයේ උනාව ප්රදේශයේදී බිරිඳගේ බාලවයස්කාර නැගණිය දුෂණය කළ පුද්ගලයෙක්ට පසුගිය 18වනදා බරපතල වැඩ සහිත සිර දඬුවම් ලැබී තිබෙනවා.
ඔහු වයස අවුරුදු 59ක තිස්සමහාරාම, ගෝනගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ මොහු 2006 වර්ෂයේදී නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවක මෙම බාලවයස්කාර දැරිය බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ඇති බවයි.
අප වාර්තාකරු පැවසුවේ ඒ අනුව අදාළ සැකකරුට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ එක හමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය නියෝග කළ බවයි.

