පාසල් සිසුවෙකු අපයෝජනයට ලක්කළ උපකාරක පන්ති ගුරුවරයකු වත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාපාන, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ගණිතය විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයකු බව පොලීසිය පවසනවා.
වත්තේගම ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් තුල දී මාස කිහිපයක සිට මෙම සිසුවා අපයෝජනයට ලක් වී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

