Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිනී වලෙන් අතුරුදන් වූ දැරියගේ සිරුර සොයා දෙන අයෙකුට ලක්ෂ 20ක්

3 years ago

වවුනියාව භාරතීපුරම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු 2ක් වයසැති දැරියගේ සිරුර මිහිදන් කළ ස්ථානයෙන් අතුරුදහන් වීම හේතුවෙන් එම සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 20ක් ලබාදෙන බවට මියගිය දැරියගේ ඥාතීන් පවසනවා.

නෙලුක්කුලම් පොදු සුසාන භූමියේදී පසුගිය අගෝස්තු මස 27වනදා මිහිදන් කළ මළ සිරුර මෙම සැප්තම්බර් 05 වනදා කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවටයි දැරියගේ ඥාතීන් විසින් නෙලුක්කුලම් සහ වවුනියාව පොලිස් ස්ථාන වෙත පැමිණිළි කර ඇත්තේ.

මේ දක්වා දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් දැරියගේ මිත්තණිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තම දියණියගේ සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවයි.

ඇය විදේශ රටක සිට මෙරටට පැමිණ ඇති අතර ඉන් අනතුරුවයි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කර ඇත්තේ.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති වීමෙන් සියලුම ඥාතීන් දැඩි සිත්තැවුලකින් පසුවන බවයි ඇය සඳහන් කළේ.

අතුරුදහන් වී ඇති සිරුර සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන අතර සිරුර සොයාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 20ක් ලබාදෙන බවට එම කාන්තාව පවසනවා.

තමන්ට කෙසේ හෝ තම මිණිබිරියගේ සිරුර අවශ්‍ය බවයි අය කියාසිටියේ.