Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන! මවක් හා දියණියක් දූෂණය කර මරා දැමූ බවට චෝදනා!

3 years ago

තමන්ට පසුගිය දින කිහිපය තුළ මරණ තර්ජන එල්ල කරමින් නිර්නාමික දුරකථන ඇමතුම් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ තම ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ගතවූ දින දෙකක කාලයේදී තමාට ජංගම දුරකථන මාර්ගයෙන් සහ කෙටි පණිවුඩ මාර්ගයෙන් මෙම මරණ තර්ජන එල්ල කරමින් ඇති බවද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර බව ද හෙතෙම කියා සිටියේය.

1989දි මවක් හා දියණියක් දූෂණය කර මරා දැමූ බව පවසමින් තමනට එරෙහිව සමාජ ජාල වලට සටහන් මුදාහැර ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා 1989දී තමන්ගේ වයස අවුරුදු අටක් පමණක් බවද සදහන් කලේය.