කාන්තාවකට අයුතු බලපෑම් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පහර දුන් පිරිස සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙවලපොල,ගනිහිමුල්ල ප්රදේශයේ පදිංචි සිසුවකු බව අනාවරණය වෙනවා.
කාන්තාවක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම 16 හැවරිදි පාසැල් සිසුවා එම කාන්තාවට අයුතු බලපෑම් කර තිබෙන අතර පසුව එම කාන්තාව විසින් ඇයගේ සැමියාව මේ සම්බන්ධයෙන් දැණුවත් කර තිබෙනවා.
පසුව එම සිසුවා සොයා පැමිණි සැමියා ඇතුළු කණ්ඩායමක් කාර් රථයකින් එම සිසුවා පැහැරගෙන ගොස් පහර දී තිබෙන බවද වාර්තා වෙනවා.
පහරකෑමට ලක්වූ සිසුවා ඔවුන්ගෙන් මිදී පලායාමෙන් අනතුරුව සිය පියාද සමඟ මිනුවන්ගොඩ පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය පවසනවා.
පහර කෑමට ලක්වූ සිසුවාට රෝහල්ගත වීමට මිනුවන්ගොඩ පොලිසිය උපදෙස් ලබාදී ඇති අතර සැකකරුවන් සොයා කණ්ඩායම් කීපයක් විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

