Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවගමුව දේවාලයේ පිං කැට සියල්ලටම සීල් තබයි

3 years ago

නවගමුව පත්තිනි දේවාලය සහිත ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබා තිබේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස මුද්‍රා තබා ඇති අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ වංචා සහගත මුදල් අවභාවිතා නිසා ලද පැමිණිලි මත කරන ලද පරික්ෂණ අනුව මෙම විහාරයේ පිං කට මුද්‍රා තැබීම සිදු කළ බවයි.

කලක සිට මෙම දේවාලය⁣ට පූජා කෙරෙන රන් ආභරණ ආදිය අනිසි ලෙස විකුණා දමමින් මුදල් වංචා කරන බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටම ලැබුණු පැමිණිලි මතයි මෙලෙස මුද්‍රා තබා ඇත්තේ.