Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ප්‍රේමය හෙල්මට් ප්‍රහාරයකින් කෙළවර වෙයි

3 years ago

පාසල් අවසන් වී පින්වන්ත පිරිවෙන පාරේ යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙක්ට හෙල්මට්වලින් පහර දී තිබෙනවා.

අදාළ පහරදීමෙන් සිසුන් දෙදෙනාගේ හිසට, ඇසට හා ශරීරයේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බවයි අනාවරණය වන්නේ.

පහර කෑ සිසුන් දෙදෙනා මේ වන විට පානදුර මුලික රෝහලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම පහරදීම සඳහා ප්‍රේම සම්බන්ධයක් හේතු වී ඇති බවයි.

පහර දුන් සිව්දෙනෙකු සොයා තවමත් පොලිස් විමර්ශන සිදු වෙනවා.(hiru)