Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අමාත්‍යවරයෙකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවන ලෙස උපදෙස්

3 years ago

ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට විදෙස්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ.

ඒ ඔහු දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් දැනට සති කිහිපයක සිට රෝහල්ගතව සිටි සිටීම හේතුවෙනි.

ඒ අනුව අමාත්‍යරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවී තිබේ.

මීට පෙරද ඔහු අවස්ථා කිහිපයකදී දණහිසේ ආබාධ තත්වය හේතුවෙන් සැත්කමට භාජනය වූ අතර ආබාධය සුවවීමට පෙර ඔහු අමාත්‍යංශය රාජකාරි කටයුතු සඳහාද සහභාගීවීම හේතුවෙන් ආබාධ තත්ත්වය යළි ඉස්මතු වී තිබේ.

එම තත්ත්වයන් මත ආබාධයන් යළි වැඩි වීම හේතුවෙන් රෝහල් ගත වීමෙන් පසු වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ විදේශගත වී ප්‍රතිකාර ගැනීම වඩා සුදුසු බවයි.