Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුණු රිය අනතුරක්! 13කට තුවාල!

3 years ago

ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

බැලුම්මහර මංසන්ධියේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ආලෝක සංඥා අසල කන්ටේනර් රථයක් නතරකර තිබී ඇත.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එලෙස නවතා තිබූ කන්ටේනර් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

ඒ, 22 වනදා රාත්‍රී 11ට පමණය.

එම අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර යක්කල පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.

මෙම අනතුර සමග බස් රථය පිටුපසින් හා බහාලුම් රථයට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ තවත් වාහන 07ක් ද එකිනෙක ගැටී තිබේ.

සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ යක්කල පොලීසියේ රථවාහන අංශය මගින් සිදු කරයි.