කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල, බෙලිගමුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
එමෙන්ම, මෙම අනතුරින් කුඩා දැරියක ඇතුළු 03 කට තුවාල සිදු වූ බව ද වාර්තා වෙනවා.
තුවාල ලැබූ කුඩා දැරිය වයස අවුරුදු පහක දැරියක් වන අතර ඔවුන් සියලු දෙනා රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ.



