චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 6 කින් පාකිස්තානු පිල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 75ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3කදී කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

