Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන ඇමතිගෙන් පාසල් සිසුන්ට දැනුම්දීමක්

3 years ago

ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර තිබෙනවා.

සීමිත පිරිසකට පමණක් නිල ඇඳුම් ලබා දෙන බව පවසමින් විවිධ පිරිස් විසින් කරනු ලබන චෝදනා හා අසත්‍ය ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ.

2024 වර්ෂයේ දී පාසල් නිල ඇඳුම් හා දිවා ආහාර ද නිසි කලට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන වර්ෂාවසානය වන විට සියලු‍ විෂය නිර්දේශ ආවරණය කර මගහැරුණු අධ්‍යයන කටයුතු සියල්ල යථා තත්වයට පත් කිරීම මෙම භෞතික පහසුකම් සැපයීමේ අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එසේ ම පෙර වර්ෂයට සාපේක්ෂ ව අඩු වියදමකින් මෙන් ම කල්වේලා ඇති ව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන බවත් එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.