මව විසින් ලබා දුන් මව්කිරි සිරවීම නිසා යාපනයේ මාස තුනක බිලිඳකු ඊයේ (24) මිය ගොස් තිබේ.
අදාළ බිලිඳාට මව්කිරි ලබා දෙමින් සිටියදී ඔහුගේ ශරිරය දරදඬු වී ගොස් ඇති අතර ඔහුගේ ශරීරය නිල් පැහැති වී තිබු බව වාර්තා වේ.
බිලිඳාව වඩුකෝඩෙයි රෝහලට ඇතුලත් කරන විටද මිය ගොස් සිටි බව වාර්තා වේ.
වඩුකෝඩෙයි රෝහලේ වෛද්‍ය ඒ.ජයපාලසිංහම් විසින් දරුවාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර බිලිඳාගේ මරණයට හේතුව විජලනය වීම බව අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

