පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති බවට දක්වමින් එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගගේ මහතා තහවුරු කර සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එලෙසින් අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් නොමැති බවත්ය.
එමෙන්ම අදාළ සටහන 2017 වසරේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් වන අතර එය මෙම දිනවලදී නැවත හුවමාරුවෙමින් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

