මාරාන්තික නීපා වෛරසය දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ පැතිරීම මේ වනවිට පාලනය කර තිබුණත් මෙම වෛරසය ආසාදනයේ දෙවැනි වසංගත රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව කේරළ ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති පිනාරායි විජයන් පවසනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කේරළ ප්‍රාන්තයේ වසා දමා තිබු පාසල් හා සාප්පු, බැංකු සඳහා සීමාවන් යටතේ විවෘත කර ඇති බවයි.
එරට සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ නිපා වෛරසයේ දෙවැනි රැල්ල ඇතිවීම අවම මට්ටමක පවතින බවත්, එය බැහැර කිරීමේ හැකියාවක් නොමැති බවයි.

