Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුහල්පති හා ගුරුවරුන් පිරිසක් මාරු කරන යව ලෙස ඉල්ලා සිසුන් විරෝධතාවයක

3 years ago

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කර්කස්වොල් වත්තේ පිහිටි අංක 02 දමිල පාසලේ විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් සිව්දෙනෙකු වහාම ස්ථාන මාරු කරන ලෙස බල කරමින් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් (25) දින එම පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

එම පාසලේ 01 සිට 11 වසර දක්වා සිසු සිසුවියන් 400 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බවත්, ඒ සදහා විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි දෙමව්පියන් කියා සිටියේ.

පාසලේ දැනට සේවය කරන විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු පාසලේ ඉගැන්විම් කටයුතු නිසි ලෙස සිදු නොකරන බවත්, එම නිසා අධ්‍යාපනය ලබන තම දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහල මට්ටමක පවතින බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ.

එම ගුරුවරුන් සිව්දෙනා අතර සිටින එක් ගුරුවරයෙක් පාසල් පැවැත්වෙන දිනයන්හි පෙ.ව 10 ට පමණ පාසලට පැමිණ ආපසු පස්වරු 1 ට පමණ පාසලෙන් පිටව යන බවත්, එම නිසා අචාර්ය මණ්ඩලය අතර දැඩි මතභේද ඇති වි ඇති බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි දෙමව්පියන් කියා සිටියේ.

උද්ඝෝෂණය අතරට පැමිණ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියෙකු උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ චෝදනා ලැබ සිටින අචාර්ය මණ්ඩලයේ සිව්දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබාදිමට කටයුතු කරන බවත්, විදුහල්පතිවරයා සම්බන්ධයෙන් පැන නැගි ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දු විමත් සමග උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස විසිර ගියහ.(lankacnews)