කොවිඩ්වලින් පසුව විභාග පටිපාටිය යථා තත්ත්වයට පත්ව ඇති මේ මොහොතේ උසස් පෙළ කල් දැමීම කිසිසේත් සිදු නොකළ යුත්තක් බව අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දෙනවා.
යම් හෙයකින් උසස් පෙළ විභාගය කල් දැමුවහොත් විභාග ප්‍රශ්න පත්‍ර බැලීම, අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වීම ඇතුළු අනෙකුත් විභාග සියල්ලක්ම ගැටලුකාරී තත්ත්වයටකට පත් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දැනට නියම කර ඇති දිනවල නියමිත පරිදි පවත්වන ලෙසට අධ්‍යාපන විශේෂඥයන් රජයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් අධ්‍යාපන විශේෂඥයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙවැනි යහපත් කාල වකවානුවක් තුළ අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවයි.

