ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ශ්‍රේෂඨාධිකරණය හමුවේ, අදාළ බඳවා ගැනිම්වලට එරෙහිව ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ඒ හා සම්බන්ධ තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවන් කටයුතු කර තිබෙනවා.
ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමටද අද තීරණය කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය සිදුවිය.

