නිපා වෛරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, එය දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවත් ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා.
නිපා වයිරසය ආසාදනය වීමෙන් පෙණහලුවලට සහ මොළයට හානි සිදුවිය හැකි අතර ආසාදනය බරපතළ වීම කෝමා තත්ත්වයට හෝ මරණයට පවා හේතු විය හැකි බවයි එම වෛද්‍ය
විශේෂඥයන් සඳහන් කර සිටින්නේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් මාපියන් විසින් අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් ද නිවේදනය කර තිබෙන බවයි.
එමෙන්ම නිපා වයිරසය වවුලන්ගෙන් ව්‍යාප්ත වන බවට පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බැවින් දරුවන්ට පිරිසුදු පලතුරු වර්ග ලබාදීමට මාපියන් සැලකිලිමත් විය යුතු බවයි කේරළ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ.

