Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් විශේෂ නිවේදනයක්

3 years ago

දිර්ඝ සති අන්ත නිවාඩුවේ රථ වාහන ධාවනයේ දී විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ දිර්ඝ සති අන්තයක් ඊයේ(28) සිට පැමිණෙන බැවින් විනෝද චාරිකාවල නිරත වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

ඊයේ(28) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

ඔහු පවසන්නේ අධික වේගයෙන් ගමන් නොකරන ලෙසත්, මාර්ගයේ ලිස්සන සුළු බව හා තිරිංග තද කරන විට වාහනය පාලනය නොවෙන්න පුළුවන් කාලගුණ හේතු නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස පවසනවා.

බීමත්ව රිය පදවන පුද්ගලයින්, මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට රටේ විවිධ ප්‍රදේශවල විශේෂ පොලිස් වාහන් නිලධාරින් මාර්ගවල යොදවා ඇති බව ඔහු පවසනවා.

අධික වේගයෙන් ‍රිය ධාවනය නොකරන ලෙසත් විශේෂයෙන් අධිවේගි මාර්ගයේ දී අවධනය යොමු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.