නිපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම රෝහල සදහන් කරයි.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය මහතා සඳහන් කරන්නේ මෙම වෛරසයට ගොදුරු වූ බවට සැක කෙරෙන කිසිවකු මේ දක්වා මෙරට කිසිදු ප්‍රදේශයකින් වාර්තාවී නොමැති බවයි.
වෛරසය රට තුළට පැමිණිය හොත් ඊට අදාළ කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ සූදානමින් පවතින බවද හෙතෙම පැවසීය.
එනිසා පවතින රෝගවලට ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත පැමිණීමට අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ද වෛද්‍යවරයා තවදුරටත් ජනතාවට දැනුම් දෙයි.

