පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පැතිර යන ඇස් රෝගයක් හේතුවෙන් පාසල් 56,000 කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.
පින්ක් අයි හෙවත් ඇසෙහි ඇතිවන තද රතු පැහැය සහිත ආසාදන තත්වයක් මෙලෙස ප්‍රාන්තයේ සිසුන් අතර පැතිර යන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
අපිරිසිදු දෑත්වලින් ඇස් ස්පර්ෂ කිරීම හේතුවෙන් පැතිර යන මෙම රෝගය කර්මාන්තශාලා සහ වෙළදපොල වැනි ජනාකීර්ණ ස්ථානවලදී සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ.
පාසල් යළි විවෘත කිරීමෙන් පසු ගේට්ටු අසල දී ඔවුන්ගේ ඇස් පරීක්ෂා කිරීමටද බලධාරීන් කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
අනාවරණ වී ඇත්තේ වසර ආරම්භයේ සිට මේ දක්වා පාකිස්ථානයෙන් තුන්ලක්ෂ 57,000කට අධික පිරිසකට ආසාදනය වී ඇති බවයි.

