Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවක වැඩ වර්ජනයක්! 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි!

3 years ago

ඉදිරි සතියේදී රාජ්‍ය සේවකයන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සංවිධානය වී සිටින බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

රුපියල් 20,000 ක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය.

ඊට අමතරව වෘත්තිය සමිති මර්දනය කිරීම, ත්‍රස්ත විරෝධී පනත ඉවත්කිරීම, මාධ්‍ය නියාමන පනත ඉවත් ඉවත් කිරීම, රාජ්‍ය සේවා කප්පාදුව නතර කිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීමද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අරමුණු බවද හෙතෙම පවසයි.

දැනටත් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය. (source -lankacnews)