Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණ සටනට පිවිසෙන සරත්ලා ජෝඩුව

3 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ අමාත්‍ය රොෂාන් රණසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා දූෂණය පිටුදැකීමේ තේමාවෙන් කුඩා පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි. ඒ සදහා ඔහු දැනටමත් ප්‍රාදේශීය මට්ටමින් ජනහමු අමතමින් සිටී. එහෙත් ඔහු මෙතෙක් තමන් දරන සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉවත්ව නැත.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජාතික බලවේග පදනම් වූ සංවිධානයක් හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි. හිටපු පළාත් ආණ්ඩුකාරවරියන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානීන් ගණනාවක් වීරසේකර මහතාගේ දේශපාලන ව්‍යාපෘතියේදී ඔහුට සහය පළ කර ඇතැයි දැනගන්නට තිබේ.(දේශය)