Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

arrest

පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂකයෙකු ගංජා සමඟින් අත්අඩංගුවට

3 years ago

සමගි ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම් ධර්මසේනගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු 3 දෙනෙකු ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන 41 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මොවුන් ත්‍රිරෝද රථයකින් මාලිගාවිල ප්‍රදේශයේ සිට ඔක්කම්පිටිය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ගංජා ග්‍රෑම් 810 ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ.

අනෙක් සැකකරුවන් 31 සහ 39 හැවිරිදි වියේ පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් අද (30) වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.