Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවක වැටුප් ගෙවන්න 72%යි! සමෘද්ධි ඇතුළු සහනාධාර දෙන්න 28%යි!

3 years ago

‘රාජ්‍ය සේවකයින්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට බිලියන 1265 ක් වැයවෙලා .එය මුළු බදු ආදායමෙන් 72%ක්. සමෘද්ධිය ඇතුලු අනෙකුත් සහනාධාර ලබාදීමට බිලියන 506 වැයවෙලා එය බදු ආදායමෙන් 28%ක්. එතකොට භාණ්ඩාගාරයේ සතයක්වත් ඉතිරි වන්නේ නැහැ’

ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබා ගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාසයක පදිංචිකිරීම යටතේ පසුගියදා ‍ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිවාස හිමිකම්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා වශයෙන් එක්වෙමිනි.

ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට අපේක්ෂිත දායකත්වය හඳුනාගනිමින් කොළඹ තදාසන්න ප්‍රදේශයේ දුම්රිය සේවය සංවර්ධනය කිරීමට ඉඩකඩ ලබා ගැනීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිත තුල සීවලී පුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 දෙනෙකු සඳහා මෙහිදී නිවාස හිමිකම් පත් ලබා දෙන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන ලද මාලිගාවත්ත ලක් හිරු සෙවන හා කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණ වලින් මෙම නිවාස ලබා දෙන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ කොළඹ තදාසන්න දුම්රිය සංර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.