උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය විසින් තවමත් නිසි තීන්දුවක් ප්‍රකාශ කර නොමැති පසුබිමක මෙම විවාහය සිදු කර ඇති බවයි.
27 හැවිරිදි ඩිම්පල් සහ 21 හැවිරිදි මනීෂා ඔවුන්ගේ පවුල්වල ආශිර්වාදයත් සමඟින් පසුගිය සැප්තැම්බර් 18 වන දින බතින්දා නගරයේදී විවාහ වී තිබුණා.
මෙම යුවල විසින් සියලු සම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරමින් ඔවුන්ගේ විවාහය සික් දේවස්ථානයකදී උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු කර තිබීම හේතුවෙන් මේ පිළිබඳව දැඩි කතාබහක් මතු කර තිබෙනවා.
කෙසේවෙතත් සමලිංගික විවාහ, අස්වාභාවික මෙන්ම සික් ආචාර ධර්මවලට පටහැනි බව පවසමින් ඉන්දියාවේ සික් ආගමික නායකයින් මෙම විවාහ මංගල්‍යය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව වාර්තා වෙනවා.

