ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත් වූ වර්ෂාව සහිත දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආරක්ෂා කරන්නට තණතීරු භාරව සිටි පිරිස ඇගයීමට ලක් වුණේ ඉතාම කඩිසර අයුරින් තණතීරු ආරක්ෂා කරන්නට වෙහෙසුණු ආකාරය නිසයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියට ද එවැනි සහායක් ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ භාර ප්‍රධානී ගොඩිෆ්‍රි දාබරේ පවසනවා.
ඔවුන් ඒ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබෙන්නේ නම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දැක්වූ සහායම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ ද වර්ෂාවෙන් ආරක්ෂා කළ හැකි බවයි දන්වා තිබුණේ.

