රාජ්‍ය අංශයේ සේවකයන්ට රුපියල් 1000ක අවම දීමනාවක් ලබා දීමට ද ඇතැම් අංශවල සේවකයන්ට වසර 60කින් ඔබ්බට සේවා දිගු ලබා දීමට හැකි වන පරිදි ප්‍රතිපාදන සහ බදු ජාලය තවදුරටත් පුළුල් කිරීම සඳහා වන යෝජන 2024 අය-වැයට ඇතුළත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දීමනා අවම වශයෙන් රු. 1000 ක්, විශ්‍රාමිකයන් සඳහා ඊට සමගාමී වැඩිවීමක් සමඟ ආදායම් බදු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති වෘත්තිකයන් සඳහා ඉදිරි අයවැය තුළින් සහන සැලසීම මෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස පවතින අතර, සෞඛ්‍ය අංශයේ අයට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ තවත් වෘත්තීන් කිහිපයක සිටින අයට ඔවුන්ගේ සේවා වසර දෙක තුනකින් දීර්ඝ කර ගැනීමේ විකල්පය ලබා දීමට ද යෝජනා ඇතුළත් කර තිබෙනවා. (source – hiru news)

