සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
“රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඉතාම සීමිතව කරන්න සිදුවෙලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. රේගු ඇබෑර්තු රැසක් තියෙනවා. එයින් අත්‍යවශ්‍යම කොටස බඳවා ගන්න දැන් කටයුතු කරනවා. මුලින් සාකච්ඡා වුණේ රජයේ සේවයේ ඉන්න අයගෙන් පමණක් ගන්න. නමුත් අවසානයේ තීරණය කළා මේ රටේ උගත් දක්ෂ තරුණ තරුණියන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න. සහකාර රේගු අධිකාරීවරු 138කුත්, ඒ වගේම රේගු පරීක්ෂකවරු 45කුත් බඳවගන්න ලංකාවේ තියෙන ඉහළම තරග විභාගය තියෙනවා. දැන් අයඳුම්පත් කැඳවලා තියෙනවා. දෙසැම්බර් මාසයේ විභාගය.”
මෙම බඳවා ගැනීම් සඳහා වූ ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 22 වනදා උදෑසන 9ට ආරම්භ වී ඇති අතර, එය ඔක්තෝබර් මස 16 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන්වීමට නියමිතය.
අදාළ අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙඩි අඩවියේ පළ කර ඇත.
මෙම බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ වයස අවුරුදු 21ත් 35 අතර තරුණයින් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

