Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2023 උසස් පෙළට හා සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන්ට දැනුම්දීමක්

3 years ago

මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවත් දීපව්‍යාප්ත මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල දී එම පාඨමාලා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඉදිරියේ දී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගයට පෙනී සිටීමෙන් පසු මෙම වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බව පැවසූ අමාත්‍යවරයා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි පවසා සිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගින්තොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

මෙයට අදාළ කැබිනට් පත්‍රීකාව සදහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.