Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුසල් ජනිත් හා මහේෂ් තීක්ෂණ සම්බන්ධයෙන් සුබ ආරංචියක්

3 years ago

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගයේදී ආබාධයට ලක් වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන් වෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තාව අනුව ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා ඔහු සහභාගි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ආසියානු කුසලානය අතරතුරදී ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණගේ ශාරීරික යෝග්‍යතාවද යහපත් මට්ටමක පවතින බැවින් ඔහුද එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ඉදිරි දින කිහිපයේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බව පැවසේ.

ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන පුහුණු තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ගුවාහටි හිදී හෙට පැවැත්වීමට නියමිතයි.