Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දැරියන්ට අඩු මිලට සනීපාරක්ෂක තුවා

3 years ago

පාසල් දැරියන් මාස් පතා සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දෙන බැවින් එම දරුවන්ට අවශ්‍ය සනිපාරක්ෂක තුවා සුළු මුදලකට අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා ලබාදීමට ඉල්ලීම් කරන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සදහන් කළහ.

අරලියගහ මන්දිරයේදී පැවැති ලෝක ළමා දින සැමරුම උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මේ බව සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සදහන් කළේ,

ලොවපුරා ළමා දින සැමරුම් සිදුකෙරෙනවා. සමහරු ප්‍රශ්න කරනවා ඔක්තෝම්බර් පළවෙනිදට විතරද දරුවන්ව සමරන්නේ කියලා නැහැ. අපි දවස් 365ම දරුවන්ව ආරක්ෂා කරනවා. දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. පෙර පාසලට තියෙන්නෙ කුඩම්මගෙ සැලකිල්ලක්.

ලංකාවේ කවදාවත් පෙර පාසල ගණන් ගන්නේ නැහැ. තමන්ට කැමති විදියට කැමති තැනක පෙර පාසල් අරින්න පුළුවන්.අපි ඒ තත්ත්වය වෙනස් කලා. අපි ඔවුන්ට පුහුණුවක් ලබා දුන්නා. පාසල් දැරිවින් මාස් පතා සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දෙනවා. සමහරු ඒ දිනවල පාසල් යන්නේ නැහැ.

මේ දරුවන්ට අවශ්‍ය සනිපාරක්ෂක තුවා සුළු මුදලකට අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන්න කියලා මම ඉල්ලීම් කරනවා. ළමා නිවාස වල ඉන්න දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි. ඔවුන් අවුරුදු 18 පිරුණු හැටියේ පාරට ඇද දාන්න බැහැ. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් විය යුතුයි.”