Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි හෙට වසා තැබෙන පාසලක් පිළිබඳ දැනුම්දීමක්

3 years ago

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය තාවකාලිකව වසා දැම්මට තීරණය කර තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ ඇති පස් කන්දක කොටසක් කඩා වැටීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

එහිදී බලධාරීන් වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ එම ස්ථානයේ ආරක්‍ෂිත පියවර ගැනීමෙන් අනතුරුව යලි පාසල විවෘත කිරීමටය.