Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස්පති සටන යළි ඇරඹෙන ලකුණු! පොලිස්පති ධුරය ගැන තීරණයක්!

3 years ago

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ඉදිරි සතිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

තවත් දින හතකින් වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව අවසන් වීමට නියමිතව ඇති බැවින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජුලි 09 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර මේ මස 09 වනදායින් එය අවසන් වීමට නියමිතයි.

සී.ඩී. වික්‍රමරත්න මහතාට මේ වන විට අවස්ථා දෙකකදී සේවා දිගු ලබා දෙමින් පොලිස්පති තනතුරේ රඳවා ගත් බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස්ද පළ වුණා.

ඒ අනුව මෙවර යළිත් ඔහුට බොහෝ දුරට සේවා දිගුවක් ලබා නොදී නව පොලිස්පතිවරයකු පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් සුදුස්සෙකු පොලිස්පති තනතුර සඳහා නම් කර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.