Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ක්‍රමවේදය සූදානම්! 07වනදා සුට නිවසේ සිටම ආදායම් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව!

3 years ago

ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවය.

“වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා. 7 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. පළමු මාසයේ දී බස්නාහිර පළාත තවම ඇතුළත් කරලා නෑ. අනෙක් පළාත් 8ම සුදානමින් ඉන්නේ.”