ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගයේදී විවේක ගන්වා තිබේ.
බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පුහුණු තරගයේදී ඔහුගේ වම් වැලමිට ආශ්‍රිතව සිදුවූ ආබාධයක් හේතුවෙන් ඔහුව මෙලෙස විවේක ගන්වා ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු මේ වනවිට සුවය ලබමින් සිටින බවය.
මේ අතර කුසල් ජනිත් පෙරේරාද මේ වනවිට සුවය ලබමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මේ අතර මහීෂ් තීක්ෂණ හෙට (04) ඉන්දියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද නිවේදනය කළේය.

