මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය නිසා දරුවන් අතර ළමා හතිය ඇතුළු රෝග කිහිපයක් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රිර්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ මේ දිනවල පවතින අධික වර්ෂාව, ජල ගැලීම් සහ සීතල වීම නිසා දරුවන් අතර හතිය වැඩි වී තිබෙන බවයි.
ඊට අමතරව, වෛරස් උණ රෝග නිසා ඇති වන ඉහළ ශ්වසන මාර්ගයේ රෝග වගේම පහළ ශ්වසන මාර්ගයේ රෝග, නිවුමෝනියා තත්ත්වයට ගොදුරුවීම පවා සිදු වෙන බව පැවසුවා.

