Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රියේ ගැටුණු දරුවන් දෙදෙනා හාස්කමකින් දිවි බේරාගනී

3 years ago

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන්කළ තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් එහි ගමන්කරමින් සිටි වයස අවුරුදු එකහමාරක සහ වයස අවුරුදු 8 අතර පසුවන කුඩා දරුවන් දෙදෙනාට ඉන් කිසිදු හානියක් සිදුනොවීම විශේෂත්වයක්.

මුහුදු වෙරළ දෙස සිට ගොඩබිම දෙසට මෙම ත්‍රීරෝද රථය ගමන් කර ඇති අතර එහිදී කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

දුම්රියේ ගැටීමත් සමග ත්‍රිරෝද රථය ඈතට විසිවී ගොස් තිබූ අතර අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

බේරුවල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.