මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ඊට පෙර අවස්ථාවකදීත් මෙවැනිම සිදුවීමක් වී තිබීමයි.
කුරුණෑගල අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවීමේ කවුන්ටරය අසලදී හිටපු ජනාධිපතිවරයා ගමන් කළ මෝටර් රථය මතට ගේට්ටුව වැටී ඇත්තේ ඊයේ (04) පෙරවරුවේදීය.

