Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙළඳපොළෙහි පවතින ත්‍රිපෝෂ වර්ගයක ‘ඇෆ්ලටොක්සීන්’ අධි මාත්‍රාවෙන්! අධිකරණයේදී වරද පිළිගෙන දඩය ගෙවයි!

3 years ago

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් නිෂ්පාදනය කරන ‘සුපෝෂ’ නිෂ්පාදනයන්හි අධිමාත්‍රාවෙන් ඇෆ්ලටොක්සීන් ඔක්සීන අඩංගු වීම හේතුවෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ.

ත්‍රිපෝෂ සමාගම සහ එම අදාල නිෂ්පාදන අලෙවි කිරීම කළ බවට අනුරාධපුර වෙළඳ සැලක් විසින් එම වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 13,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියම කර ඇත.

ත්‍රිපෝෂ ලංකා සමාගම විසින් රුපියල් දස දහසක් සහ නිෂ්පාදනය අලෙවි කරණ ලද වෙළෙඳ ආයතනය රුපියල් 3000ක වශයෙන් මෙම දඩමුදල් නියමකර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගත් සුපෝෂ නිෂ්පාදන වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා අහිතකර බවට රජයේ රස පරීක්ෂකවරයා විසින්ද තහවුරු කර තිබේ.