අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත් වීමෙන් අනතුරුදායක පවුල් 21 එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම පවුල්වල පිරිස් මේ වනවිට දියලපේ විහාරස්ථානයේ සහ දියලපේ පාසලේ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නාය යාම හේතුවෙන් ජීවිත හානි නොමැති අතර දේපළ රැසක් හානි වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

