Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගී බස් රථයකට ගසක් කඩා වැටෙයි! 5ක් මරුට!

3 years ago

UPDATE – 9.00 am

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

මේ අතර ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය.

———————————————————————————–

අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අදාළ අනතුරට මුහුණ දී ඇත්තේ කොළඹ – දෙනියාය බස් රථයකි.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසීය.

කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වන අතර බස් රථය තුළ සිර වූ පුද්ගලයන් දෙදෙනෙකු මුදවා ගැනීම සඳහා මේ වන විටත් උත්සහ දරමින් ඇති බවයි වාර්තා වන්නේ.